දරුණු හොරෙක්ව පොලිසියට හසු වුණි. පොලිසිය ඔහුව උසාවියට ඉදිරිපත් කරන ලදි. විනිසුරුවරයා හොරාව පසුවදා උදේට එල්ලා මැරීමට නියෝග කළේය. මෙය ඇසූ හොරාට හෙන හයියෙන් හිනා ගියේය. විමතියට පත් විනිසුරුවරයා මරණ දඩුවම ලබා දී තිබිය දී එසේ හිනා වීමට හේතුව හොරාගෙන් විමසීය.
"ස්වාමීනී, ඔබ තුමාට මාව එල්ලන්න හම්බවෙන්නේ නෑ. මං නැගිටින්නේ උදේ 10ට නේ...."
Comments
Post a Comment