Skip to main content

Posts

දුර්වල වීමට හේතුව

සුමුදුගේ ඉතිහාස දැනුම ඉතා දුර්වල විය.ගුරුතුමිය ඔහුට පසුදා කරගෙන එන ලෙස අභ්‍යාසයක් පැවරීය.සුමුදු ගුරුවරියට අභ්‍යාස පොත් දුන්නේය. "ඔයාගේ ඉතිහාසය දැනුම දුර්වල හින්දයි මං ඒ වාක්‍ය විසි වතාවක් ලියාගෙන එන්න කිව්වේ. ඒත් ඔයා ලියලා තියෙන්නේ දහ වතාවයිනේ." "කරන්න දෙයක් නෑ ටීචර් මගේ ගණන් දැනුමත් සෑහෙන්න දුර්වලයි."
Recent posts

නඩුව දිනූ හැටි

ධනපතියෙකු නඩුවකට පැටලී සිටියේය. නඩුව බොහෝ දුර ඇදින. "අපිට බැරිද නඩුව නඩුකාර තුමාට වටින තෑග්ගක් දීල අපේ වාසියට තීන්දුවක් ගන්න." දිනක් ඔහු තම නීතිඥයාගෙන් ඇසුවේය. "පිස්සුද?.... එහෙම උනොත් අපිට විරිද්ධව තීන්දුව දෙයි." නීතිඥයා කීවේය. කෙසේ වුවද ඊළග නඩු වාරයේදී ධනපතියාට වාසියට තීන්දුව ලැබිණි. "මං හිතුවේ නැහැ මේ තරම් ඉක්මණට මට වාසි වෙන විදිහට තීන්දුවක් ලැබෙයි කියලා." ධනපතියා කීවේය. මං පොඩි වැඩක් කළා නීතිඥයා රහසක් හෙළි කළේය. "ඒ මොකක්ද?" "මං අනිත් පැත්තෙ නීතිඥ මහත්තයාගේ නම ගහල නඩුකාරතුමාට තෑග්ගක් ඇරියා."

හතරෙම හිටිය කෙනා

තැබෑරුමට ගොඩ වී හොද හැටි වෙරි වූ පුද්ගලයෙක් බාර් කවුන්ටරයට ගොස් තවත් අඩියක් ඉල්ලුවේය. "මහත්තයට දැන් හොදටම වැඩියි, තරහ වෙන්න එපා ආයෙනං දෙන්නෙ නෑ." බාර් කවුන්ටරයේ සේවකයා කී විට එළියට බැස්ස ඔහු බාර් එකේ වම් පස දොරටුවෙන් නැවත ඇතුලු වී අඩියක් ඉල්ලුවේය. "දැන් සැරයක් කිව්වේ, මහත්තයට ආයෙත් බොන්න දෙන්න බෑ." නැවත එළියට බැස්ස ඔහු බාර් එකේ දකුණු පස දොරටුවෙන් නැවත ඇතුලු වී අඩියක් ඉල්ලුවේය. "තරහා වෙන්න එපා, දෙන්නේ නෑ කිව්වොත් දෙන්නේ නෑමයි." එච්චර තරහ මුසු හඩකින් කවුන්ටරයේ සේවකයා පවසද්දී නැවත එළියට බැස්ස පුද්ගලයා බාර් එකේ පිටුපස දොරටුවෙන් ඇතුලු වී අඩියක් ඉල්ලුවේය. "මහත්තයා මාර මනුස්සයෙක්නේ බෑ කියන්න කියන්න ඉල්ලනවා." සේවකයා කීවේය. "මම ද ඕයි මාර මනුස්සයා තමුසෙනේ. දැන් මං බාර් හතරකට ගියා. ඒ හතරෙම තමුසෙ ඉන්නවනේ." ඔහු පිළිතුරු දුන්නේය.

ප්‍රාර්ථනාව

ඔන්න එක දවසක් තරුවක් කඩාවැටුනලු. ඒක දැකපු ගෑණු කෙනෙක් ඒක දිහා බලාගෙන ප්‍රාර්ථනාවක් කරාලු ඊළග ආත්මෙත් එයාගෙ සැමියා එයාගෙම වෙන්න කියල. ඉතින් දැන් ඕක ඒ ගෑණු කෙනා එයාගෙ සැමියටත් කිව්වලු. ඒක අහපු සැමිය බිරිදගෙන් මෙහෙම ඇහුවලු. "අද කඩා වැටෙන් නැද්ද දන්නෙ නෑ තරුවක්" "ඔයත් ප්‍රාර්ථනා කරන්නද?" "ඔව් තමුසේ ඊයෙ දැකපු තරුව පිටසක්වල යානයක් වෙන්න කියලා."

හිනා වෙන්න හේතුව

දරුණු හොරෙක්ව පොලිසියට හසු වුණි. පොලිසිය ඔහුව උසාවියට ඉදිරිපත් කරන ලදි. විනිසුරුවරයා හොරාව පසුවදා උදේට එල්ලා මැරීමට නියෝග කළේය. මෙය ඇසූ හොරාට හෙන හයියෙන් හිනා ගියේය. විමතියට පත් විනිසුරුවරයා මරණ දඩුවම ලබා දී තිබිය දී එසේ හිනා වීමට හේතුව හොරාගෙන් විමසීය. "ස්වාමීනී, ඔබ තුමාට මාව එල්ලන්න හම්බවෙන්නේ නෑ. මං නැගිටින්නේ උදේ 10ට නේ...."